Saturday, November 18, 2017

ජිවිතය..

ඇතැමෙක් ජිවිතයම මුදල් යයි සිතා
ඒ පසු පසම දිව යයි
තවත් සමහරෙක් ජිවිතයම විනෝදය යයි සිතා
ඒ පසු පසම දිව යයි
සල්ලි පසු පසම හඹායන්නවුන්
පසු කලෙක එයින් හති වැටුණු විට
විනෝදවන්නවුන් දෙස බලා
එයට ලෝබ සිත් ඇති කර ගනී
විනෝදවන්නවුන් ද කලෙක එයින් හති වැටුණු කළ
මුදල් රැස් කළවුන් දෙස බලා ලෝබ සිත් ඇති කර ගනී
මේ දෙපිරිසම දෙස පසෙක සිට බලා ඉන්නා තවත් සමහරෙක්

ජීවිතය යනු කුමක්දැයි තවමත් සිතා ගත නොහැකිව බලා සිටී.

No comments:

Post a Comment