Monday, February 26, 2018

~බලපොත්තුව සහ වෙනස්වීම~


අපි ගොඩක් දෙනෙක් ජිවිතේ ගැන එක එක බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.
ඒ බලාපොරොත්තු අපිව හිතන්නේ නැති දුරකට අපිව ජීවත් කරවනවා
එත් අපි හැමෝම ජිවත් කරවන බලාපොරොත්තු අපි හිතන්නේ වත් නැති විදියට වෙනස් වෙලා යනවා
හොඳ විදියට වගේම නරක විදියට ඒවා වෙන්න පුළුවන්
එච්චර ලොකු බලාපොරොත්තුවක්. ජිවිතයක් වෙනස් වෙන්න තත්පර ගානක චූටි දෙයක් ඇති
ඒ තත්පර ගානෙන් පැය ගානක් වටින ජිවිතයක් වෙනස් වෙනවා
අපි කාලයක් තිස්සේ හිතාගෙන හිටපු සමහර දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්
සමහර විට අපි හිතනවට වඩා ගොඩාක් හොඳ විදියට ඒ දේවල් වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්
සමහර වෙලාවට අපි දකින දෙයක්, අත්දැකීමක් ලබන දෙයක් වගේ ඕනෙම දෙයක්
ඒ ලොකු වෙනසට හේතු වෙන්න පුළුවන්
ගොඩක් අයට මේ ගැන අත්දැකීම් ඇති.
එහෙම අත්දැකීමක් නෑකියල හිතුනත් ජිවිතේ ආපස්සට කල්පනා කරලා බැලුවොත් කොච්චර දේවල් අපි හිතපු නැති විදියට වෙනස් වෙලාද කියල දැනෙයි.
ඉතින් ඉස්සරහට අපේ ජිවිතේ හිතන්නෙවත් නැති වෙනස්කමක් උනොත් එක අපිටත්, හැමෝටමත් හැම විදියටම යහපතක් වෙන දෙයක් වේවා යි කියල වෙනස් නොවෙන බලාපොරොත්තුවක් හිතේ කොනක තියා ගමු.

No comments:

Post a Comment