දළඳා මැදුරේ තේවා හඬ කෙදින ඇසේවිද
වැව රවුමේ සිසිල් සුවය යලි නොදැනේවිද
කල දුදනා මනු සතාට ගැලවෙනු බැරිදා
ලක් දෙරණත් වැලපෙයිදෝ ඉහිලුම් නැතුවද
කල පින්කම් සිහිකරමින් සෙත් පතන දනා
ලෝ සතහට කළ වරදට සමා කරනු මැනේ
සිත් අහසේ අදුරු වළා පාව යන දිනේ
මෙත් වඩලා පින් ලැබ දෙමු රැකගත් සැමවෙත