Monday, November 9, 2020

සිත බැදුණා රුවට නුබේ...
රුව රැදුනා මතක ඉමේ...
නෙත සෙව්වා රුවම නුඹේ...
නුඹ නැතිදා මහද පෙළේ...

හිරු බැස යයි අදුර දීලා...

සිත ගොළු වෙයි මතක පිරිලා...

සඳ නැතිදා අමාවක වී...

හද වැළපෙයි ඔබම පතලා...

බිංදු බිංදු මල් ඉහෙනා දෙවැට දිගේ

පැද්දී පැද්දී නුඹ එනවා නෙතට පෙනේ

ලන්දු ලන්දු ඉඟි පෑවත් හිතට මගේ

මන්දු රැන්දු නුඹ පමණයි මෙමට අගේ...

සඳ අහසේ පායලා තරු නැනේ තනිවෙලා

හිත් අඹරේ දිදුළනා සඳ කොහේදෝ සැඟවිලා

පෙම මහදේ පීදිලා තරු මිණිකැට දල්වනා 

නුඹ ගැඹරේ තෙරපෙනා පෙම නැතිවද පවසනා ...

කඩා වැටෙන තරුවක් වී 

හඩා වැටෙන සිත ළඟ මගේ

එළියක්වී බැබලෙන්නට

එන්න හිතුනද ....


දිලිසෙන තරු එළි අතරින්

පැතුම් ගෙනෙන තරුවද ඔබ

මදකට මගේ ළඟට ඇවිත් 

කියා යනවද ...


සිත් අහසේ පායයි නම්

කිසිදා බැස නොයෙනවානම්

සඳ හිරු කුමටද මාහට 

තරු එළියත් මෙරක් වටි...

මතක අස්සේ දුවන සිත තව ඔබේ සුවඳම සොයනවා...

ළඟක නැතිමුත් දුරස් වනු බෑ මතක තනියට ඉන්නවා...

කිසිදු දින යළි නොඑන බව දැන ඔබව පතමින් හිඳිනවා...

යළිදු මේ ලෙසින් වේනම් සිතින් නොබැඳි ඉන්න යයි මා පතනවා...