Tuesday, February 28, 2017

~තවත් එක් කතාවක්~

හදවතේ ඔබ සිර කරන උන් ආදරේ.
මට ම  විතරමක් ලබා දුන් ඒ ආදරේ
ඇයි ද කියන් මෙසේ..
අද දමා ගියේ...

ඔබේ දෑසින් පෑ සෙනෙහෙකම්
හැදිනුවේ මම විතරමයි
මගේ පෙම් සිත දැනන් උන්නෙත්
ඔබේ ඔය සිත විතරමයි

සිතා සිටියේ අපි අපේ බව පමණමයි
එදා සෙනෙහෙන් ඔබ කියූ කවි මටමමයි
කවුද ඇවිදින් බිද ගියා ඒ සිහිනයන්
තරහ නැ මන් අවසරයි සමුගන්න දැන්

දනිමි ඔබේ ඔය ආදරේ මහා මේර තරම්
නෑ ලැබෙන්නේ එලෙසකින් යළි කාටවත්
ඉගිලුනත් ඔබ දුරක් යන්නට සමු අරන්
හිත තබා ගිය බව දනිමි ඔය නෙත් දෙකෙන්

ගියත් ඔබ ඔය තරම් දුරකට පාවෙලා
යලිත් එන බව දනිමි මගේ සිත වෙත ඔයා
ඉන්න බෑ ඔය හිතට මගේ හිත නැතුවනම්
ඔබේ හිත මම දන්නවා ඔබටත් වඩා..

Wednesday, February 22, 2017

~යහළුවෙකුගේ පද පේළියකට පිළිතුරක් ලෙස ලියවුන මගේ පදවැල්~



හිටිය වාගේම කලක්
බලා සිටියෝත් නුඹට
සිනා මල් වැසි රැගෙන
ඇය ඒවි ළඟදීම

නසපු සැනසුම රැගෙන
බව හතක් නොව සසරේ
දුක නසා නිවෙන තෙක්ම
ලඟින් ඉඳ සනසන්න

එපා සිත සඟවමින්
කලකිරී ලතවෙන්න
අයෙත් ඇය බලා ඉඳ
යයි යලිත් නොයෙන්නම.

Tuesday, February 21, 2017

~පුරා සිව් වසරක සරසවි බිමේ ආදරණීය මතකයට~





නෙතඟ ගැටුන එදවස් අපේ සිහිවෙනවා
සිතුවේ නැතත් මෙලෙසින් අපි එක් වෙනවා
වෙන් වෙන්නට දින ටික ටික ලං වෙනවා
දුක හිතුනට පල නෑ යන්නම වෙනවා

එක බත් එක අපි කෑවේ තල්ලු වෙවී
මහ වැස්සට තෙමුනේ අපි පිකට් ගිහින්
පච බෙන්ච් වල කල් ඇරියේ කුපපියේදී
කැරම් ගහල වඩේ කෑවේ කැන්ටිමේදී

එනු යනු පමණයිලු සිටිනා අය නැතිලු
සිටියත් අපිට හොස්ටල් වල ඉඩ නැතිලු
කල කී දෑ ලිව්වොත් පොත් මදි වෙයිලු
කාපු කටු දිහා බල්ලොත් නොබලයිලු

සිහින ගොඩයි බැහැ හැමදා මෙහි ඉන්න
මතු පරපුර වෙනුවෙන් මෙය සුරකින්න
තියෙන හොඳම මතක මතකෙ සුරකින්න
දුටුවොත් සිනා සෙමු මතකය සිහිවෙන්න.

Friday, February 17, 2017

හන්තානට පායන සඳ...

හන්තානට පායපු සඳේ
විසිතුරු බව කියන්න
ඔබ දුටු ඒ සඳ වගේද
ලඟට ඇවිත් අහන්න
පෙරුම් පුරලා මම ආ දා
ලඟට වෙලා හිදින්න
ඔබ සඳටත් දුරක ගිහින්
සඳවත් නැ පෙනෙන්න

මහ වරුසා ඇද හැලුනත්
සරසවි බිම තෙමෙන්න
ලොකු කුඩයේ තනිකම නැ
අපේ මතකෙයි පෙනෙන්නේ
ඔබේ මතකය ලඟින් හිටපු
මහ වැසි තතු කියල දෙන්න
පොද වැස්සක මම ආවම
ඉඩ නැහැලුනේ ඔය කුඩයේ

ලතා මඩුළු අත වැනුවට
බැනේ එදෙස බලන්න
නෙතින් නෙතට කතා කියපු
අපිනේ මතකේ නැගෙන්නේ
විසි නොකරපු අපේ මතකය
පරිස්සමට මම රැක්කේ
ඔබේ ළඟ තිබු මතක පොතම
මහ මුහුදේ පා කරලනේ.