Tuesday, July 25, 2017

බැඳීම්...

ජිවෙතේ සමහර බැඳීම් හරියට
Wedding එකකට ඇදගෙන යන ඇදුම් වගේ
පෙනුමට ලස්සනට ඇදගෙන යනවා
ඒත් එක අඩන ඉන්න පුදුම දුකක් විදින්න ඕනේ
හරිම අපහසුවෙන් ඉන්න ඕනේ
කොයි වෙලේ ගලවල දාන්නද කියල බල බල ඉන්නේ.
ඒ වගේමයි ඒවා ඉක්මනටම එපා වෙලා යනවා.
පහසු ඇදුමක් ඇන්දම
ලෝකෙට ලස්සනට පෙන්නන්න නැතත්
හරිම සැහැල්ලුවකින් ඒක ඇදගෙන ඉන්නේ.
කොච්චර ඇන්දත් ඒවා එපා වෙලා යන්නෙත් නැ.
අපේ හිත තාම තීරණය කරන්න ඕනෙ
ලෝකෙට පෙන්න ලස්සන ඇදුමක් ඇඳලා
දුක් විදිනවද,
නැත්නම ලස්සනට පෙන්න නැතත්
පහසු ඇඳුමක් ඇඳගෙන

හිතේ සැනසීමෙන් ඉන්නවද කියල...

No comments:

Post a Comment